ඉන්දියාවේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තමිල්නාඩුවේ රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ, ඔවුන් ඉන්දියාවට පලාගොස් තිබෙන්නේ මන්නාරම – පේසාල ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් බවටය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජී. විග්නේෂ්වරන් නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකු සහ එම්. ලුසිනාත් නැමති 30 හැවරිදි පුද්ගලයෙකි. එම සැකකරුවන් දෙදෙනා ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් නාවික පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති බවත්, පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට මෙම දෙදෙනාගේ සම්බන්ධයක් පවතින බවට ශ්‍රී ලංකා බලධාරීන් සැක කරන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයින් දෙදෙනාම මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනකට මුහුණ දී සිටින බවත්, සතියක් ඇතුළත ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්