මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ඛේදවාචකය පදනම් කර ගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අවසානයේ දී ඡන්ද විමසීමේ දී තවත් දරුණු පරාජයක් අත්පත් වී තිබේ.
එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රීවරු 37 දෙනාගේ ඡන්දය හෝ ලබා ගැනීමට සුන්බුන් විපක්ෂය අසමත් වී ඇත. ඡන්දය විමසන අවස්ථාවේ දී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරු 36 දෙනෙකු පමණි. මෙයට පෙර විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ලෙසින් සිටි කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්ෂව ඡන්ද 49ක් ලැබී තිබිණි. මෙවර විශ්වාසභංග යෝජනාවේ දී පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36ක් පහත වැටී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරුන් පවා එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකර සිටීමයි.
Views: 0










