නාමල් රාජපක්ෂ ගමන් ගෙඩියක් කර ගහගෙන 4 වෙනි තැනටත් මාරු වෙයි

නාමල් රාජපක්ෂ ගමන් ගෙඩියක් කර ගහගෙන 4 වෙනි තැනටත් මාරු වෙයි

නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, පාඨලී චම්පික රණවක සහ සුන්බුන් විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට එරෙහිව පොදු එකමුතුවක් සඳහා 4 වෙනි තැනටත් මාරු වී තිබේ.

මුලින්ම, රනිල් වික්‍රමසිංහ මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් අවස්ථාවේ දී මේ පිරිස ඒකරාශී විය. මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවූ අවස්ථාවේදී, පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පැනවූ අවස්ථාවේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ කේන්ද්‍ර ගත කර ගනිමින් තුන්වන අවස්ථාවේ දී ද එක පොදියට රැස්වූහ.

නාමල් රාජපක්ෂගේ ලිඛිත ඉල්ලීමකට අනුව කියමින් සජිත් ප්‍රේමදාසගේ කැඳවීමෙන් ඊයේ (24) විපක්ෂ නායක කාර්යාලයේ දී සුන්බුන් කල්ලි සියල්ල 4 වෙනි අවස්ථාව ලෙසින් රැස්වූහ. බඹරුන් හෝ මීමැසි ජනපද තැනින් තැනට ගමන් කරන ආකාරයට මෙම පිරිස ද තැනින් තැනට එක් රැස්වී විසිරී යන බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති

.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්