දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මූල්‍ය සහ වෙනත් අපරාධ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග වේගවත් වී තිබේ.
රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවීම, නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට විදුලිය ලබා ගෙන ගෙවීම් පැහැර හැරීම ඇතුළු අධිකරණමය කටයුතු ගණනාවක් අද (24) දිනයේ සිදු කර තිබේ.
එමෙන් ම, සමාජවාදී තරුණ සංගමය මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් විකෘති කරමින් ජාතික සමගියට එරෙහිව අර්ථ දැක්වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද අද ඉදිරිපත් කරනු ලැබීය. එම විස්තර ඇතුලත් ජාතික රූපවාහිනී විඩියෝව පහත දැක්වේ.
Views: 0










