අධිකරණය මඟහැරි මන්ත්‍රී අර්චුනාට වරෙන්තු!

අධිකරණය මඟහැරි මන්ත්‍රී අර්චුනාට වරෙන්තු!

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි.

එමෙන්ම මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අර්චුනා රාමනාදන්ගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැති බව සඳහන් වේ.

ඒ අනුව මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්