ගෝඨා තනි කර රාජපක්ෂ පවුලේ අයත් පැන ගිහින්

ගෝඨා තනි කර රාජපක්ෂ පවුලේ අයත් පැන ගිහින්

බලය අයුතු ලෙස යෙදවීම සහ විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයන් විමර්ශනයට ලක් කෙරෙන අවස්ථාවලදී ආධාරකරුවන් ගෙන්වා ගත්ත ද, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එවැනි ක්‍රියා මාර්ග නොගෙන තනි කර දමා ඇත.

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ විමර්ශන කටයුතුවල දී ගෝඨාභය රාජපක්ෂ අත්තඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත. ඊයේ (23) එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ පමණක් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් සහභාගී වී සිටිනු දැකිය නොහැකි විය. නාමල් රාජපක්ෂ නීතිඥ කබායට මුවාවී පැමිණි සිටීමද විශේෂත්වයකි.

මේ අතර, වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව මහජන විශ්වාසය ඉහළම මට්ටමක පවතින බව විවිධ සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්