ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

චීන ජාතිකයකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ, හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කර තිබේ

ඒ ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළව, මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා ඇත.

මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමෙන් පසුව, මෙම සිද්ධියට අදාළ පළමු වන සැකකරු වන අජිත් ප්‍රියන්ත යන සැකකරු මෙම සිද්ධියට අදාළ දෙවන සාක්ෂිකරු වන අසංග සංජීව නමැත්තා විසින් හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වංචාවට යොදාගන්නා ලද වාහනයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්