රාජපක්ෂලා ඇතුළු සුන්බුන් කල්ලියට 2016 පාරා වළල්ලක් වෙයි…

රාජපක්ෂලා ඇතුළු සුන්බුන් කල්ලියට 2016 පාරා වළල්ලක් වෙයි…

උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ සහ ප‍්‍රාථමික අධිකරණ විනිසුරුවරුන්ගේ එමෙන්ම තවත් සුවිශේෂී වෘත්තිකයන්ගේ විශ‍්‍රාම වයස් සීමාව දීර්ඝ කිරිම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම කර ඇති පසුබිමක ඊට එරෙහිව බංකොලොත් සුන්බුන් විපක්ෂය ගෙන යන ව්‍යාජ ප‍්‍රචාර ඔවුන්ටම පාරාවළල්ලක් වී තිබේ.

මෙම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා රනිල් – මෛතී‍්‍ර ආණ්ඩු සමයේ විමර්ශන කමිටුවක් පත්කර තිබිණි. 2016 නොවැම්බර් 19 වැනි දින ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් ප‍්‍රධාන කමිටුවක් පත්කර ඒ යටතේ අනුකමිටු හයක්ද පත්කර තිබිණි. එම අනුකමිටු අතර, අධිකරණ ක්ෂේත‍්‍රය පිළිබඳව විමසා බැලීම සඳහා වෙනමම, අනුකමිටුවක් පත්කර තිබිණි.

එම අනුකමිටුව විසින් සියලුම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් විය යුතු බවත්, ප‍්‍රාථමික අධිකරණවලට බඳවා ගන්නා නව විනිසුරුවරුන් සඳහා අවශ්‍ය අත්දැකීම් ලබා දීම වෙනුවෙන් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම යන වයස අවුරුදු 70ක් දක්වා දීර්ඝ කළ යුතු බවද නිර්දේශ කර ඇත. එහෙත් මෙම නිර්දේශ පිළිබඳව වැඩිදුර කටයුතු නොකිරීම නිසා අධිකරණවලට ඔරොත්තු නොදෙන ආකාරයෙන් නඩු ගොඩගැසී තිබේ. එයට පිළියම් යෙදීම සඳහා විද්‍යාත්මක විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකරන පසුබිමක ව්‍යාජ ප‍්‍රචාර දියත් කරමින් පවතී.

Facebook
Twitter
LinkedIn