කළු දුමාරයට නැවත ඉඩ නෑ…

කළු දුමාරයට නැවත ඉඩ නෑ…

දේශපාලන බලය යොදවමින් 1983 කළු ජූලියේ සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කළ දිනය අද (23) ට යෙදී තිබේ.

එවැනි වේදනාකාරී, බිහිසුණු, ජාතිවාදී හෝ ආගම්වාදී මනුෂ්‍යත්වයට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාවේ යළි කිසිදිනෙකත් ඉඩ නොතැබීමේ ක්‍රියාමාර්ග රැසක් වත්මන් ආණ්ඩුව ගෙන යමින් තිබේ. එයට සමගාමීව සිවිල් ක්‍රියාකාරියන් සහ කලාකරවන්ට දැඩි මතවාදී අරගලයක් දියත් කර ඇත.

සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සුනිල් කොස්තා ජූලි 23වන දිනය පිළිබඳව ඔහුගේ ෆේස්බුක් අඩවියේ තැබූ කෙටි සටහනක් සහ කෙටි වාර්තා චිත්‍රපටයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

එම සටහන සහ කෙටි චිත්‍රපටය පහත දැක්වෙන අතර මේ ගෙවෙන්නේ මෙවැනි නිර්මාණ බොහොමයක් මෙරට පුරවැසියන් විසින් ඉල්ලා සිටින අවදියකය.

Facebook
Twitter
LinkedIn