රට වැනසූ තවත් කල්ලියක් මාට්ටු…

රට වැනසූ තවත් කල්ලියක් මාට්ටු…

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කූට ආකාරයෙන් මෙරටින් පිට කළ සංවිධානාත්මක මූල්‍ය ජාවාරම් කල්ලියක් පිටුපස හඹා ගිය මෙරට විමර්ශන කණ්ඩායම් තොරතුරු රැසක් හෙළිකරගෙන තිබේ.

මෙරටට භාණ්ඩ ආනයන කරන මුවාවෙන් විදේශ විනිමය රටින් පිට කළ මෙම කල්ලිය සමාගම් 105ක් ලෙස ලියාපදිංචි කර ඇත. එම සමාගම්වලින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 ජනවාරි 01 වැනි දින සිට 2026 මාර්තු මස දක්වා ඩොලර් මිලියන 715කට අධික මුදලක් මෙරටින් බැහැර කර තිබේ. මේ පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාවේදී හෙළිවූ කරුණු මත වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් එක් මූල්‍ය ජාවාරම්කරුවෙකු වන ජෙෆ්රි මොහොමඩ් නැමැත්තාද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරම් කල්ලිය රටේ පිළිගත් බැංකු 13ක ගිණුම් 227ක් පවත්වාගෙන යමින් මූල්‍ය අපරාධය සිදුකර ඇත. පුද්ලයින් 55දෙනෙකු සමාගම් අධ්‍යක්ෂවරු සහ ලේකම්වරු වශයෙන් පෙනී සිටිමින් දියත් කර ඇති මෙම මූල්‍ය අපරාධය පිළබඳව තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වනවිටත් තවත් සැකකරුවන් ගණනාවක් හඳුනාගෙන ඇති අතර, පියවරෙන් පියවර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අදාළ ප‍්‍රබල සාක්ෂි ගොනුකර ගනිමින් සිටී.

Facebook
Twitter
LinkedIn