නාමල් රාජපක්ෂ පසුගිය සතියේ සජිත් ප්‍රේමදාසගෙන් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂයේ කණ්ඩායම් රැසක් එකම මේසයකට එක් කර ගෙන තිබූ අතර, එහිදී සජිත් ප්‍රේමදාස අභිබවා නාමල් රාජපක්ෂගේ කණ්ඩායම ඉදිරියට ගොස් සිටි බව පැහැදිලි වී තිබිණි.
නාමල් රාජපක්ෂගේ පිල ශක්තිමත් කරමින් දිනේෂ් ගුණවර්ධන, ජී. එල් පීරිස්, අසංක නවරත්න, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රමුඛ පිරිසක් එම සාකච්ඡාවකට සහභාගී වී සිටියහ. සජිත් ප්‍රේමදාස වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර සහ සුජීව සේනසිංහ සහභාගී කර ගෙන සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට බව කියමින් රැස් වූ මෙම නියෝජිතයන් බහුතර බලය නාමල් රාජපක්ෂ අත්පත් කර ගෙන සිටි බව විචාරකයින් පෙන්වා දෙති. මේ වනවිට වැඩිම නඩු සංඛ්‍යාවක් විභාග කෙරෙමින් පවතින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ය.
161










