ඉන්දීය රජයේ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සහ “ව්‍යවසායකත්ව සහ සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ජාතික ආයතනය” (NIESBUD) විසින් සංවිධානය කරන ලද ආයතනික සංවර්ධනය, විශිෂ්ඨත්වය සඳහා වන සුහුරු නායකත්ව සහ ශක්‍යතා සංවර්ධන ජාත්‍යන්තර පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකාවේ විවිධ පක්ෂ නියෝජනය කරමින් තරුණ තරුණියන් පිරිසක් සහභාගී වූහ.
මෙම පුහුණු සැසිය පසුගිය ජුලි 13 වනදා සිට 18 වනදා දක්වා දිනවල ඉතා සාර්ථකව පැවැත්විණි.
ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පක්ෂවල දමිළ සහ මූස්ලිම් ජාතිකත්වයන් නියෝජනය කරමින් තරුණ නියෝජිතයින් 30 දෙනෙකු හට මේ සඳහා අවස්ථාව ලැබුනු අතර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරුණ නායකයන් හයදෙනෙකු ඊට එක්වී සිටියහ.
ඒ අනුව, නීතිඥ මොහොමඩ් ෆසීර්, මොහොමඩ් ඉම්රාන්, නීතිඥ ශ්‍රී උදය පුනිධන්, පාතිමා ෆෂ්නා, මොහොමඩ් සලීම්, ස්ටැන්ලි ගිශාන් රාජ් යන තරුණ මහජන නියෝජිතයින් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එයට එක්වී සිටියහ.
පුහුණු සැසියට අමතරව ටජ්මහල් සහ ආග්‍රා බලකොටුව ඇතුළුව ක්ෂේත්‍ර සංචාරයක් සඳහද මෙම නියෝජිත පිරිසට ඉන්දීය රජය පහසුකම් සපයා තිබිණි.















