ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡයන්ගේ දිවයිනක් ලෙසින් හැඳින්වීමට පදනමක් සැකසූ කළු ජූලිය සහ ඒ ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටීම්වලට යළි කිසි දිනයක ඉඩක් ලබා නොදෙන පරිදි පුළුල් සාකච්ඡාවක් ජනගත කෙරෙමින් පවතී.
සමාජවාදී තරුණ සංගමය ජූලි 23 වෙනි දින සහෝදරත්වයේ දිනය යනුවෙන් නම් කර දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාව ගොඩ නැගීමේ මතවාදයක් ගෙන යමින් සිටී. එම සංවාදයේ තවත් පියවරක් ඊයේ (23) අමාත්‍ය බිමල් රත්නායන, මාධ්‍යවේදී හා සමාජ ක්‍රියාකාරී තරිඳු ජයවර්ධන සහ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවීණ කලාකරුවෙකු වන විමල් කැටිපෙආරච්චිගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. එම සාකච්ඡා මණ්ඩපය සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන් මහේෂ් අඹේපිටිය විසින් මෙහෙයවනු ලැබීය. එම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.
208










