හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

චීන ජාතිකයකු සතුව තිබුණු රුපියල් කෝටි දෙකක මුදල් ප්‍රමාණයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කොල්ලය සම්බ්නධයෙන් ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

තමන් පොලිසියේ බව හඟවමින්, මෝටර් රථයක ගමන් කරමින් සිටි චීන ජාතිකයකු පරීක්ෂා කිරීම සඳහා පසුගිය 13 වැනිදා පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්ද එම චීන ජාතිකයා සන්තකයේ තිබී ඇත.

ඔවුන් එහි දී මෝටර් රථයේ දොරටු විවෘත කරමින්, තමන් සතුව තිබූ මාංචු යුගලක්ද පෙන්වා චීන ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය හා මෝටර් රථයද පරීක්ෂා කර ඇති අතර පසුව මෝටර් රථයේ තිබූ මුදල් බෑගය රැගෙන පළා ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn