රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) යන විශේෂ විමර්ශන කමිටු තුළින් හෙළි කර ගන්නා තොරතුරු සම්බන්ධයෙන් අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව ඍජුව ම නඩු පැවරීම සඳහා බලතල ලබා දී තිබේ.
ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මෙයට අනුමැතිය ලබා දුන් අතර, නීතිපතිවරයා මගින් හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් මහාධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකිය. මේ වනවිට විමර්ශන අවසන් කර තිබෙන ජාතික මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහ රෝහල, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ලංකා සතොස, විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය ආයතනවල සිදු කළ ඇති මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි මට්ටමට විමර්ශන අවසන් කර ඇත.
244










