ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) යළිත් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ, රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පැවති 2015ත් 2019ත් අතර රනිල් මෛත්‍රී සමයේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ඔහු පසුව ඇප මත නිදහස් කර තිබිණි. මේ වනවිට අධිකරණය මඟ හැර සිටී.
මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එම නඩුවට අදාළව ඇප මත සිටි ජාලිය වික්‍රමසූරිය ඇප කොන්දේසි ලිහිල් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා විදේශගතවූ නමුත් යළි මෙරටට පැමිණියේ නැත.










