කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී 2008 වසරේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකුට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (22) කැඳවූ අවස්ථාවේ දීය.
මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපති අද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
ඉන් අනතුරුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.
ඉන් අනතුරුව මෙම නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වැනිදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර ඇත.










