ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්, ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 15කින්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 10කින් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇත.
එම ඉහළ දැමීම් අනුව නව මිල ගනන් සටහන් වනුයේ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 397ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 543ක්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 424ක් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 490ක් ලෙසය.
භූමිතෙල් මිල වෙනස් නොවන අතර එය ලීටරයක් රුපියල් 285කි.
Views: 28










