රුපියල් හාර කෝටි අනූ හතර ලක්ෂ හතලිස් දහසක් (රු. 4,944,000) වටිනා `කොකේන්’ මත්ද්රව්ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි දකුණු කොරියානු ජාතික වඩු කාර්මික යෙකි.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරු අද (01) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේ මග හැරී තිබූ ගමන් මල්ලක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදීය.
සැකකරු ඉකුත් 26 දින මෙම මත්ද්රව්ය තොගය රැගෙන සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපොළේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
එහිදී ඔහුගේ මත්ද්රව්ය සහිත ගමන් මල්ල ඔහු පැමිණි ගුවන්යානයෙන් රැගෙන පැමිණ නොතිබුණු අතර පසුව වෙනත් ගුවන්යානයකින් එම ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, මේ පිළිබඳ පොලිස්පති වෙත ලද බුද්ධි තොරතුරු මතය.










