රාජපක්ෂලා ඇතුළු කල්ලි හැංගෙන්න අලුත් තැනක් හොයා ගෙන

රාජපක්ෂලා ඇතුළු කල්ලි හැංගෙන්න අලුත් තැනක් හොයා ගෙන

මෙරට පිළිගත් වෘත්තික සංවිධානයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ (04) විපක්ෂයේ සුන්බුන් කල්ලිවල අවශ්‍යතාවය සඳහා ගෙන ගිය ක්‍රියාමාර්ගයක් පිළිබඳව එම අවස්ථාවට සහභාගී වූ අයගෙන් පවා දැඩි අප්‍රසාදයක් එල්ල වෙමින් තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂගේ නියෝජිත ප්‍රේමනාත් සී දොලවත්ත, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, රනිල් වික්‍රමසිංහගේ නියෝජිත මෛත්‍රී ගුණරත්න, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විවෘත මහජන කතිකාවක් යනුවෙන් හඳුන්වා තිබූ සාකච්ඡා මණ්ඩපයක් පදනම් ආයතනයේ දී පැවැත්වීය.

එම සාකච්ඡාවට එක් වූ මහාචාර්ය දීපිකා උඩුගම, මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරකයින් අදාළ මහජන කතිකාවේ ව්‍යාජ භාවය පිළිබඳව හෙළි කර තිබිණි. එම සාකච්ඡාව පිළිබඳව විවිධ අදහස් දැක්වූවන්ගේ වීඩියෝවක් පහත පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්