සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ විශාල පිරිසක් පාතාලය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව මේ වනවිටත් හෙළි වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර, අම්බලන්ගොඩ නගර සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන ලද හිරාන් කෝසල, එම පක්ෂයේ කෘත්‍යාධිකාරී සභික චරිත් අබේසිංහ යන අය පාතාල කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වන බව නීතිය හමුවේ හෙළි වී තිබේ.
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක් පරික්ෂා කිරීමේදී, එමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ සැකකරු අතර 53 වතාවක් දුරකථන සංවාද සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ඊට අමතරව, සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලංජලී ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් සමඟ අත්තඩංගුවට ගත් අතර, ඇයට එරෙහිව කිසිදු නීතිමය කියා මාර්ගයක් නොගෙන මුදා හරිනු ලැබීය. වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකරට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු 6ක් විභාග වෙමින් තිබියදී පසුගිය වසරේ ඔක්තෝබර් 22 වෙනි දින තවත් පාතාල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබීය. අම්බලන්ගොඩ නගර සභාවට ඉදිරිපත් කර සිටි හිරාන් කෝසල මිනිස් ඝාතන දෙකක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ චෝදනා ලබා සිටි අතර, පසුගිය වසරේ දෙසැම්බර් 22 වෙනි දින තවත් පාතාල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබීය.
මේ ආකාරයට එම පක්ෂයේ ප්‍රධාන පෙළේ පුද්ගලයින් රැසක් පාතාල කණ්ඩායම් සමඟ පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව මේ වනවිට හෙළි වී තිබේ.










