අකුරේගොඩදී නිතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතන සිද්ධියට යොදාගත් මෝටර් රථය ධාවනය කර ඇති සැකකාරු මාලදිවයිනේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (04) පස්වරුවේ මෙරටට රැගෙනවිත් තිබේ.
බහරේන් සිට මාළදිවයින වෙත පැමිණ සිටියදී, ඔහුට එරෙහිව ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය මත, එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙරටට ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයින වෙත ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්පසු ඔහු මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත බාර දී තිබේ.
ඔහු බටපොළ, ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුදගලයෙකි.










