ඩොලර් මිලියන 1,380කට මොකද වුණේ?

ඩොලර් මිලියන 1,380කට මොකද වුණේ?

ආර්ථිකය අස්ථාවර වී ඇති බවට ජනතා ද්‍රෝහීන් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බවට පත් කරමින් ගෙවී ගිය කාලය තුළ රටේ ණය බර අඩු වීම පිළිබඳ නිල දත්ත හෙළි වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වෙන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.35ක් වී තිබූ අතර ගෙවී ගිය මාස 18 තුළ එය ඩොලර් බිලියන 98.6ක් දක්වා ඩොලර් බිලියන 1.38කින් අඩු කර ගැනීමට සමත් වී තිබේ.

ඒ අතර, සමස්ත විදේශ ණය ප්‍රමාණය ද ඩොලර් බිලියන 55.3 සිට ඩොලර් බිලියන 54.8ක් දක්වා ඩොලර් බිලියන 0.5කින් අඩු කර ගෙන ඇත.

මැදපෙරදිග යුද්ධය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය උච්චාවචනය වෙමින් පැවතීම ආර්ථිකයට අනතුරක් බව ප්‍රචාරය කිරීමට බංකොලොත් කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

මෙම ජයග්‍රහණ පිළිබඳව පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා (ආණ්ඩුව) රටේ ණය ප්‍රශ්නය විසඳනු ඇති බවත්, ඉන් පසුව 2029දී තම පක්ෂය පාලන බලය ලබා ගන්නා බවත් ය.

Facebook
Twitter
LinkedIn