අහිංසකයින් 268ක් ක්ෂණයෙන් ඝාතනය කළ පුද්ගලයින් හුරතල් වෙන හැටි

අහිංසකයින් 268ක් ක්ෂණයෙන් ඝාතනය කළ පුද්ගලයින් හුරතල් වෙන හැටි

ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුරයෙන් පළවා හරින ලද උදය ගම්මන්පිල සුරේෂ් සලේගේ නීතිඥයා ලෙසින් පෙනී සිටීමට උත්සාහ කළ, එම වගකීම ද බාර නොදී පළවා හැරිය පසු ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ සුරේෂ් සලේ මාරාන්තික උපවාසයකට සූදානම් වෙන බව ය. සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින නීතිඥයින් කිසිවෙකුත් මෙවැනි කරුණු අධිකරණයට වාර්තා කර නැත.

පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අහිංසක පුරවැසියන් 268 දෙනෙකු එසැනින් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ තීරණාත්මක කඩඉමකට පැමිණ තිබෙන අවස්ථාවක ගම්මන්පිලලා මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටී. අධිකරණය ඉදිරියේ මේ වනවිට සුරේෂ් සලේට අමතරව ඉස්ලාම් අන්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට ගෝඨාභය රාජපක්ෂ (ඇල්ෆා), මොහොමඩ් අන්සාර්, කර්නල් උදුලාගම යන අය පිළිබඳව ද හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn