මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගතවන රිවස්ටන් චිත්‍රපටයේ ඝාතක කල්ලියේ ප්‍රධානියාගේ භූමිකාව නිරූපනය කරන ප්‍රවීන රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සුවිශේෂී කරුණු රැසක් හෙළි කර තිබේ.
චරණ යූටියුබ් නාලිකාවේ සිනමාලංකාරය වැඩසටහනට එක්වෙමින් ශ්‍යාම් ප්‍රනාන්දු හෙළි කර තිබෙන්නේ පසුගිය කාලයේ රටේ පැවති අන්ත ත්‍රාඩ දේශපාලනය හමුවේ තමාටද රට හැර දා යාමට සිතුණු බවයි. එහෙත් දැන් මේ වනවිට සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යන සියලු ක්ෂේත්‍රවලින් ඉතාමත් හොඳින් ගොඩනැගෙමින් තිබෙන බවත් ඒ පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කරනු ලැබීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවගේ සංස්කෘතික ජීවිතයේ සුවිශාල පිබිදීමක් පවතින බවය. එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
890










