තරුණියකට අතවර කළ අරනායක ශ්‍රිලනිප මන්ත්‍රී අත්අඩංගුවට

තරුණියකට අතවර කළ අරනායක ශ්‍රිලනිප මන්ත්‍රී අත්අඩංගුවට

වයස අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන ප්‍රධාන සංවිධායක අසංග දීපාල් බදුවත්ත නැමැත්තා මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාවනැල්ල කැකිරිගොඩ ප්‍රදේශයේ කුලී නිවසයක දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර මවක් තම 19 හැවිරිදි දියණිය සමග මෙම දේවාලයට ගොස් ඇත.

එහිදී මෙම මන්ත්‍රී අසංග දීපාල් බදුවත්ත නැමැත්තා දියණිය පමණක් දේවල තුළට රැගෙනගොස් අතවර කර තිබේ.

මේ සම්බන්ධයෙන් දියණිය මවට පැවසීමෙන් පසු මවත් දියණියත් මාවනැල්ල පොලිස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් මන්ත්‍රීට එරෙහිව පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධ මාවනැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකාර මන්ත්‍රී අසංග දීපාල් බදුවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn