මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි ජාත්‍යන්තර වශයෙන් කෙතරම් ප්‍රබල සම්බන්ධතා ඇතිකරගෙන තිබෙන්නේදැයි විවිධ අවස්ථාවලදී හෙළි වූ අතර ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද වේගවත් කර තිබේ.
ඊයේ (25) ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබූ අපරාධකර්වන් දෙදෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කරන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ කුලී ඝාතකයන්ට වැය කරන මුදලට අමතරව ඔව්න්ගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් කෙතරම් සංවිධානාත්මකව මුදල් යොදවා තිබෙන්නේද, පසු ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර වශයෙන් ජාලයක් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳවයි.
මෙරට තුළදී ගිනි අවි ලබා දීම, යතුරුපැදි ලබාදීම, නවීන මෝටර්රථ ලබා දීම අවශ්‍ය වුවහොත් රටෙන් පැනයාමට පහසුකම් සළසා දීම සහ විදේශ රටවලදී රැකවරණය ලබාදීමට ක්‍රියාකිරීම වැනි පුළුල් පරාසයක මුල් විහිදී ඇති බව හෙළි වී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වුනු එම සංවිධානාත්මක අපරාධ කණ්ඩාණ්ඩායම් මර්ධනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික අවබෝදයද සහිතව වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී.










