මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ගිය සති දෙකකට ආසන්න කාලය තුළ වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන ඇති බව පැවසේ.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර සඳහන් කරන්නේ, මින් වැඩිම වී අස්වනු ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන බවයි. එම දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,148ක් බව පැවසේ.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 567ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 620ක්ද මිලදී ගෙන ඇති බව සඳහන්.
ඉදිරියේදී වී අස්වනු නෙළන ප්‍රමාණයන් අනුව වී ගබඩා විවෘත කිරීමටද නියමිත අතර, ගබඩා 148ක් දිවයින පුරා වී අස්වනු මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බවද එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.










