වත්මත් රජය හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මුල සිටම ක්‍රියා කළ කණ්ඩායම් මේ වනවිට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව සැලසුම් සහගත මඩ ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් දක්වා සමස්ත ක්‍රියාවලිය පෙළ ගස්වා තිබේ.
රාජපක්ෂ පවුල් පාලනයේ වෛරී ප්‍රහාරයට පාත්‍ර වූ පෝද්දල ජයන්ත මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන උපුටා ගෙන පහත පළ කෙරේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වනසා දැමීම පිණිස හරිනිට එරෙහිව දියත්කර ඇති කුමන්ත්‍රණය පරදවමු..!
විෂය මාලා *මොඩියුලයකට” කුමන්ත්‍රණකාරී ලෙස ඔබ්බවන ලද “ලින්කුවක්” දඩමීමා කරගනිමින් , එක්තරා “කහකඩධාරීන්” පිරිසක් සහ විපක්ෂයේ ජඩ දේශපාලකයන් පිරිසක් ගෙන යන කුමන්ත්‍රණය වහා පරාජය කළ යුතු ය. මීට පෙර යහපාලන රජය සමයේ 07 වැනි ශ්‍රේණියේ සිට ලිංගික අධ්‍යාපනය ලබාදීම සදහාවූ පොතටද විරුද්ධව මෙවැනිම විරෝධයක් නිර්මාණය කළේ ය.
විවිධ ළමා අපචාරවලට ගොදුරුවන දරුවන් ඉන් මුදවා ගැනීමට නම් ලොව පිළිගත් ලිංගික අධ්‍යාපනයක් එම වයසේ දරුවන්ට ලබාදිය යුතුම ය. වැඩිහිටි පරම්පරාව තුළ භීතියක් මවා පවා ඊට එරෙහි කරවීම සඳහා ඉහත පිරිස ගෙන යන කුමන්ත්‍රණය එක හෙළාම පරාජය කළ යුතු ය. මෙය අගමැතිනී හරිනි අමරසූරිය ඉලක්ක කරගත් විරෝධයක් වුවද , එහි සමස්ත යටි අරමුණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපන් ගෙයිම වනසා දැමීම බව පසක්කර ගත යුතු ය.
පෝද්දල ජයන්ත










