ජොන්ස්ටන් ප්‍රනාන්දු FCIDයට භාර වෙයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු FCIDයට භාර වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර වී තිබේ.

ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබී ඇත.

ඒ අනුව හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී තිබේ.

සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සිව්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරමින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක්ද නිකුත් කරන ලදී.

Facebook
Twitter
LinkedIn