විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අනීතික වරප්‍රසාද ඉවත් කර මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ම ඉටු කිරීමට අදාළව තවත් පනත් කෙටුම්පතක් ගැසට් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනුවෙනි. අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර විසින් එම පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කළ හොත් “මරාගෙන මැරෙන” ඇතැම් පුද්ගලයන් වහසි බස් දොඩවා තිබිණි. එවැනි තත්වයක් හමුවේ 1977 අංක 01 දරණ පනත, 1982 දී සහ 1990 අංක 44 යන සංශෝධන ඇතුලත් නීතිමය ප්‍රතිපාදන මෙමගින් ඉවත් කිරීමට නියමිත ය. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අනීතික වරප්‍රසාද මේ වනවිටත් ඉවත් කර තිබේ.
358










