සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවය.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තා පොලිසිය මගහරිමින් සිටි අතර පසුගියදා අධිකරණය ඔහුට සහ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශගතවීම තහනම් කරමින් නියෝගයක්ද පනවන ලදී.

Facebook
Twitter
LinkedIn