නාමල් අලුත් ආගමක් දේශනා කරයි

නාමල් අලුත් ආගමක් දේශනා කරයි

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා රඳවා සිටින රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් ආපසු පැමිණි නාමල් රාජපක්ෂ රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රකාශ කර තිබෙන්නේ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් දේශපාලන පලි ගැනීම්වල යෙදී සිටින බවයි.

නාමල් රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පලි ගැනීම් යන වචන යොදා ගනිමින් මහජන සම්පත් කොල්ල කෑ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා ඇතුළු පිරිස නිදොස් කිරීමට උත්සාහ දරමින් සිටී. ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා රජයේ වාහන යොදා ගත් බව තහවුරු වී තිබේ. එම චෝදනා මත අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිටත් සැඟවී සිටී.

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කර ඇති ජොහාන් ප්‍රනාන්දු හමුවීමට ගිය නාමල් රාජපක්ෂ රූපවාහිනී කැමරා ඉදිරියේ දේශපාලන පලි ගැනීම් යනුවෙන් හඳුන්වා දෙමින් එම අපරාධ සැඟවීමට ප්‍රයත්න දරයි.

Facebook
Twitter
LinkedIn