සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්දනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් පිහිටුවීම සහ අධි ආරක්ෂිත බන්ධනාගාර වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය මෙන් ම, දත්ත යොදා ගනිමින් ක්ෂණික මෙහෙයුම් සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මේ වනවිට එම දෙපාර්තමේන්තු විමර්ශන ලිපි ගොනු 17,000කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී තිබීම නිසා ක්ෂණික මෙහෙයුම් සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන් ම, භයානක අපරාධ කල්ලි නායකයින් බන්ධනාගාර තුළ සිට විවිධ අපරාධ ක්‍රියා මෙහෙයවීම මුළුමනින් ම අඩපණ කිරීම සඳහා ද විශේෂ ක්‍රියාමාර්ගයක් දියත් කර ඇත. එවැනි පාතාල නායකයින් රඳවා තැබීමට යුද හමුදාව හෝ නාවික හමුදා කඳවුරු භූමි තුළ අධි ආරක්ෂිත බන්ධනාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇත.
265










