මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම 2025 වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුළදි ඇමරිකානු ඩොලර් මිලියන 2,826.5 දක්වා 12.3%කින් වැඩිවි ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුළදි කෘෂිකර්මික අපනයන ආදායම සැලකිය යුතු අයුරින් වැඩිවි ඇත.
තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,401.4 දක්වා 7.4%කින්, රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 28.9 දක්වා 22.4%කින්, පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර්මිලියන 529.2 දක්වා 39.1%කින් වැඩි වි ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
එළවළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 31.2 දක්වා 22%කින් සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදන ආපනය ආදායම ඩොලර් මිලියන 196.5 දක්වා 39.6%කින් වැඩිවි තිබිණි.
කෙසේවුවද කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 399.3 දක්වා 2.1%කින් අඩුවි ඇත.










