මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පටබැදි මද්දුමාගේ ශෙහාන් තත්සර හෙවත් දෙහි බාලේ යන අයගේ රුපියල් කෝටි 25ක වත්කම් නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්හිටුවා තිබේ.
ඒ අනුව දෙහිබාලේ යන අයට අයත් බවට හඳුනාගෙන ඇති දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්‍යාලය අසළ ඇති කෝටි 05ක් පමන වටිනා සුඛෝපභෝගී නිවස සහ ඉඩම එලෙස අත්හිටුවූ එක් දේපලකි.
එමෙන්ම ඔහුට අයත් කෝටි 20කට වඩා වටිනා ටෝලර් යාත්‍රා 05ක්ද මූදල් විශුද්ධිකරන පනත අනුව ක්‍රියාවිරහිත කර තිබේ.
මෙම දේපල දෙහි බාලේ යන අයගේ මල්ලිගේ බිරිඳ, බිරිඳගේ මව, බිරිඳගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා යන අයගේ නමට මිලට ගෙන තිබී ඇත.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.
133










