එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි

එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිදු කළ දුරකතන සංවාදයක විකෘති හඬ පටයක් ප්‍රසිද්ධ කරමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ.

ඇමතිවරයා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිලි කරනු ලැබීය. United Nations Human Rights Organization යනුවෙන් හඳුන්වා ගන්නා සංවිධානයක් පිහිටුවා ගෙන ඇති ජාවාරම්කරුවෙකු කාලයක් තිස්සේ එම ජාවාරම පවත්වා ගෙන ගොස් තිබේ.

මේ පිළිබඳ තොරතුරු රැසක් මෙයට පෙර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාවකින් ද හෙළි කර තිබිණි. පරිත්‍යාග බව දක්වමින් ඉන්දියාවෙන් ගෙන්වන ලද සහල් කිලෝ ග්‍රෑම් 130,000ක් නිදහස් කර ගැනීම සඳහා හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ සහයෝගය ජාවාරම්කරුවා ඉල්ලා තිබිණි. රේගු ගාස්තුවලින් නිදහස් කළ නොහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ විකෘති කළ හඬපටය සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.

Facebook
Twitter
LinkedIn