පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණයත් නවීකරණය වෙයි…

පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණයත් නවීකරණය වෙයි…

මේ වනවිට ඉතා අප්‍රසන්න සහ දුර්ඝන්ධය හමන තැනක් බවට පත්ව ඇති පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය නවීකරණය කර වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඩොලර් මිලියන 160ක් වටිනාකමක් සහිත ආයෝජනයක් සඳහා ජපන් ආයෝජකයෙකුට බදු දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙම ආයෝජකයා විසින් මේ වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 16ක මුදලක් ගෙවා ඇති බව සඳහන්ය. පවතින තත්වය යටතේම සංකීර්ණය බදු දීමට නියමිත අතර ආයෝජකයාගේ සැලැස්ම වන්නේ වෙළෙඳසැල් සහ රාත්‍රී වෙළෙඳපොළ නවීකරණය කිරීමයි.

වත්මන් වෙළෙඳසැල් හිමිකරුවන්ට වන්දි ගෙවීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් පවතී. හිටපු නාගරික සංවර්ධන ඇමති ආචාර්ය අනුර කරුණාතිලක සිය ධුර කාලය තුළදී මෙම ජපන් ආයෝජකයා හමුවී ඇති බවද වාර්තා වේ.

මෙම බදු දීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය මුලින්ම මහින්ද රාජපක්ෂ රජය විසින් 2014 වසරේදී රුපියල් මිලියන 344ක වියදමින් ඉදිකරන ලද්දකි. අක්කර හයක භූමි ප්‍රමාණයකින් යුත් මෙම සංකීර්ණයේ වෙළෙඳසැල් 92ක් ඇති අතර, එයට විශාල ආපනශාලා දෙකක්ද ඇතුළත්ය. වෙළෙඳසැල් 10ක් බේරේ වැව මත පිහිටා ඇත.

2021 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 50ක අමතර මුදලක්ද මේ සඳහා වැය කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්