පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරයි

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරයි

පසුගියදා නාය යාමට ලක් වීමෙන් දරුණු අනතුරකට ලක් වූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්, පවතින අවදානම සලකා එම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණා.

එම නායයාම හේතුවෙන් ඒ අසළ පිහිටි නිවසක් සහ තේ කඩයක් මතට ගලක් කඩා වැටී තිබූ අතර ඉන් පුද්ගලියන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තවත් සිව් දෙනෙකු තුවාල ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්