අපි ලබාගත් ජයග‍්‍රහණය අනිවාර්යයෙන්ම නව සමාජයක් බිහිකිරීමේ අරමුණ දක්වාම ස්ථිරවම ගමන් කරන බවට සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ලන්ඩන්හි පැවත්වෙන 36 වෙනි ඉල්මහ විරු සමරුවට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානය විසින් සිදු කළ ආරාධනයක් අනුව ඒ සඳහා සහභාගී ව සිටින අවස්ථාවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්නේ එමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“අපි හැමෝම විශාල කැපකිරීමක් කරලා අපට විශාල ජයග‍්‍රහණයක් ලබා ගන්න හැකි වුණා. අපේ රටේ ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදා තිබෙනවා. මීට පෙර හැදුව ආණ්ඩුවලටත් ජනතාවාදී ආණ්ඩු කියලා කීවත්, ඇත්ත වශයෙන්ම ඒවා ජනතාවාදී ආණ්ඩු නොවෙයි. අපේ ආණ්ඩුව දැන් වසරක් ගතකොට තිබෙනවා. අපේ විරුද්ධ පාර්ශ්වයේ බොහෝ දෙනා අනාවැකි පළ කළා, මාස හයක් ගත වෙනකොට ආර්ථිකය කඩා වැටිලා, නැවතත් පෝලිම් ඇතිවෙලා අපිට ආණ්ඩුව දාලා යන්න වෙයි කියලා. එහෙත් අපි ඉතා ශක්තිමත්ව ආණ්ඩුකරණය කර තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයේ ප‍්‍රාර්ථනය, අපේ අසාර්ථක වීම. අපේ හිතවතුන්ටත් ආණ්ඩුවේ ගමනේ වේගය අඩුයි වගේ දැනෙනවා. අපි මෙය තේරුම් ගත යුතුයි. අපි අරමුණක්, සැලැස්මක් ඇතිව, ක‍්‍රමානුකූලව වැඩකරමින් යන්නේ. ලබා ගත් ජයග‍්‍රහණය කලබල වෙලා අවුල් කර ගන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි ලබාගත් ජයග‍්‍රහණය අනිවාර්යයෙන්ම නව සමාජයක් බිහිකිරීමේ අරමුණ දක්වාම ස්ථිරවම ගමන් කරන බවට මම ඔබට සහතිකයක් දෙන්නම්.
මේ ආණ්ඩුව ඉක්මනින් අර්බුදයට යාමක් හෝ කඩා වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් හැදුවේ අවුරුදු පහක් හෝ දහයක් විතරක් ආණ්ඩු කරන්න නොවෙයි. අපි ලැබූ බලය පාවිච්චි කරලා සමාජයේ ගැඹුරු පරිවර්තනයක් කරන්න. අපිට ඒ සඳහා කලින් තිබුණේ පක්ෂයේ බලය විතරයි. දැන් අපට පක්ෂයත්, ආණ්ඩු බලයත්, මහජන බලයත්, තියෙනවා. ඒ සෑම බලවේගයක්ම එකතු කරලා අපි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙනවා වගේම ”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සහිත රටක් බවට පත්කරන්න වැඩ කරමින් යන්නේ. ඒක සරල කාර්යයක් නොවෙයි. අවුරුදු පහක් ආණ්ඩුවක් කරන එකයි, ආණ්ඩුවක් අරගෙන පවතින සමාජය මුළුමනින්ම වෙනස් කරලා වෙනස් සමාජයක් හදන එකයි බොහොම වෙනස්. ඒක අමාරුයි, ඒ වගේම සංකීර්ණයි.
අපේ සමහර අය හිතනවා අපේ ගමනේ වේගය මදි, කියා. අපි හැමෝම තේරුම් ගත යුතුයි අපි බාර ගත්තේ මොන වගේ රටක්ද? කියන එක. එයට සාපේක්ෂව තමයි අපේ ගමන් මගේ ජයග‍්‍රහණය තෝරා බේරා ගන්න ඕනෙ. අපි මේ රට බාර ගන්න අවස්ථාවේ නිල වශයෙන්ම, රට බංකොලොත් බවට ප‍්‍රකාශ කර තිබුණේ. අපි ගත්ත ණය ගෙවීම නවත්තා තිබුණා. සමහරු කියනවා රනිල් වික‍්‍රමසිංහ රට ගොඩ ගත්තා කියලා. රනිල් රට ගොඩගත්තේ නැහැ. ඒ අර්බුදය ජනතාව මත පැටවූ එක තමයි එයා කළේ. ණය ගොඩගැහිලා, නිෂ්පාදනය බිඳ වැටී තිබුණා. ආදායම් මාර්ග අඩුවෙලා තිබුණා. ණය ගෙවන්නත්, පිටින් බඩු ගෙන්නන්නත් ඕනෑ. ඒ දෙකම කරන්න බැරි වුණා. අපේ ඩොලර් සංචිතය හිඳිලා තිබුණේ. ණය ගෙව්වොත් බඩු ගේන්න බැහැ. බඩු ගෙනාවොත් ණය ගෙවා ගන්න බැහැ. ඔය ගැටලුව නිසාම අපට භාණ්ඩ හිඟයක් ඇති වෙලා විශාල අර්බුදයක් ඇති කළා. කොළඹ වරායට තෙල් නැව ඇවිත් තිබෙන වෙලාවක, ඒකට ගෙවන්න ඩොලර් මිලියන 300ක් නැතුව තෙල් නැව වරායේ තබාගෙන සිටියා. සතියක් තබාගැනීම නිසා ප‍්‍රමාද ගාස්තු විදිහට මිලියන 400ක් විතර වැඩියෙන් ගෙවන්න සිදුවුණා. ඒ කියන්නේ සල්ලි නැතිකම තිබුණේ. මේ අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවකට යන අතරම “අපි ණය ගෙවන්නේ නැහැ” කියන තීන්දුව ගත්තා. මේ නිසා අපට ණය දීපු රටවල් සහ අප අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම බේරා ගන්න අතරමැදියා හැටියට කටයුතු කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට යනවා. පසුව ණය ගෙවීමට ජාත්‍යන්තර අරමුදල ඇප වුණා. ණය ගෙවන්නේ නැති වුණාම ඒ තිබෙන මුදලින් බඩු ගේන්න පුළුවන්. මේක අලුත් දෙයක් නොවෙයි. භාණ්ඩ ගෙන්වීම සඳහා යන මුදල ඉතිරි කර ගන්න ආර්ථිකය හැකිලීමක් කළා. ඒ කාලෙ භාණ්ඩ එකසිය ගණනක් ගේන එක නතර කළා. තෙල් මිල වැඩි කළා. තෙල් මිල වැඩි කිරීම නිසා තෙල් පරිභෝජනය අඩු වෙනවා. තෙල් සඳහා වැය වන ඩොලර් ප‍්‍රමාණය අඩු වෙනවා. එහෙම තමයි මේ අර්බුදය බේරුවේ. ජනතාවගේ දේවල් අඩු කරලා තමයි මේක බේරුවා කියන්නේ. ආර්ථිකය පැත්තෙන් අපේ රට තිබුණේ එවැනි තැනක.
ඒ වගේම අපේ රටේ පරිපාලනය අවුල් ජාලයක් වී තිබුණා. නීති රීති කිසිවක් නැති, පාලනයක් තිබුණේ. රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණා. අනෙක් පැත්තෙන් වංචා, දූෂණ, හොරකමෙන් පිරිලා තිබුණා. එවැනි අර්බුද ගොඩක් තිබියදී තමයි අපි ආණ්ඩු බලය ගත්තේ. වංචා දූෂණ නවත්තා ගන්න අපට උවමනාව තිබුණා. අපි ගෙවුණු වසර පුරා පළමුවෙන්ම කලේ මහ බැංකුවත් සම්බන්ධ කරගෙන කඩා වැටී තිබුණු ආර්ථිකය ස්ථාවර කර ගන්න එක. ආර්ථිකය ස්ථාවර බව ලෝකෙ රටවල් පිළිගෙන තිබෙනවා. අර්බුදයකට මැදි වුණු රටක් මෙතරම් ඉක්මනින් ගොඩ ආවෙ නැති බවත් ඔවුන් පිළිගෙන තිබෙනවා.
තෙල් මිල රුපියල් 35ක ප‍්‍රමාණයකින් අඩුකර තිබෙනවා. වාහන ගේන්න තීන්දුවක් ගත්තා. තහනම් කර තිබූ භාණ්ඩ විශාල ප‍්‍රමාණයක තහනම ඉවත් කළා. අපේ ඩොලර් සංචිත ප‍්‍රමාණය ආරක්ෂාකර ගනිමින්, අකුලපු ආර්ථිකය අපි විවෘත කළා. පසුගිය කාලයේ බදු මුදල් නිසියාකාරව එකතු වුණේ නැහැ. ආදායම් බදු, රේගු බදු, සුරා බදු, නිසි පරිදි එකතු කළා. ඉලක්ක පන්නලා බදු මුදල් එකතු කළ නිසා භාණ්ඩාගාරයට ටි‍්‍රලියනක පමණ මුදල් එකතු කර ගන්න හැකි වුණා. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපි ලොකු ජයග‍්‍රහණයක් තබා තිබෙනවා. මෙය ගලපා බලන්න ඕනෙ අදට සාපේක්ෂව නොවෙයි. අපි රට බාර ගන්න අවස්ථාවට.
මේ අර්බුදයෙන් ගොඩ එන්න අපේ සමහර ආයතන විකුණන්න වෙනවා, අපට ගොඩ එන්න පුළුවන් වෙන්නේ 2048 කියලා රනිල් වික‍්‍රමසිංහ එදා කිව්වා. අපි කිසිවක් වික්කේ වත්, මිනිස්සු මත බර පැටෙව්වේ වත් නැහැ. ආර්ථිකය ශක්තිමත් කර ගත්තා. එය අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක්. අපිට මේ ආර්ථිකය වර්ධනය කර ගන්න ඕනෑ. ඒ සමගම එයත් සමග ගැට ගැසුණු වංචා – දූෂණ නතර කර ගන්න ඕනෑ. රාජ්‍ය යාන්ත‍්‍රණය පැත්තෙන් සියයට සියයක් වංචා දූෂණය නතර කොට තිබෙනවා. මේ නිසා අපි ලෝකයේ ගෞරවයට ලක්වෙලා තිබෙනවා. ආයොජකයන්ට ලංකාව ගැන විශ්වාසය ඇති කොට තිබෙනවා. 2028 වෙද්දි අපට ණය ගෙවන්න පුළුවන්කම තිබෙනවා. දැනටමත් බහුපාර්ශ්වීය ණය වාරික ගෙවමින් යනවා.
මේ ගෙවුණු වසර ඉතා තීරණාත්මක අවුරුද්දක්. බිංදුවටම වැටුණු රටක ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම පොදු ජනතාවට සැලකිය යුතු ප‍්‍රමාණයකින් සහන ලබාදී තිබෙනවා. වසර ගණනාවකින් වැටුප් වැඩිවීමක් ලබා නොදුන් රාජ්‍ය සේවයට සැලකිය යුතු මට්ටමකින් වැටුප් වැඩිවීමක් කළා. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයක් තවමත් තිබෙනවා. ඒක ස්ථිරව විසඳීමට කි‍්‍රයාමාර්ග ගනිමින් තිබෙනවා. දුප්පත් ජනතාවට දෙන අස්වැසුම අපි රුපියල් 7,500 සිට රුපියල් 12,000 දක්වා වැඩි කළා. රුපියල් 12,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කළා පමණක් නොවෙයි දෙන කාලසීමාවත් වැඩි කළා. අස්වැසුම ලැබිය යුතු අයට නොලැබී අවශ්‍ය නොවන අය ලබන්නන් බවට පත්වෙලා. ඒකෙ සංකීර්ණ තත්වයක් ඇති වෙලා තිබෙනවා. එයත් ක‍්‍රමානුකූලව විසඳමින් යනවා.
ගොවි ජනතාවට දුන් පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කළා. වීවලට රුපියල් 120ක සහතික මිලක් ගෙනාවා. ගොවි ජනතාවට සැලකිය යුතු සහනයක් ඒ නිසා ලැබුණා. විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප් වැඩි කළා. අපේ රටේ දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ගැනීමට රුපියල් 6,000ක් බැගින් දුන්නා. ඒ වගේම තෝරා ගත් ළමුන් කණ්ඩායමකට සපත්තු ගැනීමට මුදලක් ලබා දුන්නා. වකුගඩු රෝගීන්ගේ දීමනා වැඩි කළා. ආබාධිත අයගේ දීමනා වැඩි කළා. මෙවරත් මහපොළ දීමනා වැඩි කළා. අපි විශාල සහන ප‍්‍රමාණයක් දුන්නා. ඒ සඳහා ආණ්ඩුව විශාල කැපකිරීමක් කළා.
අපි අලුත් දේශපාලන සංස්කෘතියක් අපේ රටට හඳුන්වා දී තිබෙනවා. පසුගිය කාලෙ ආණ්ඩු හදපු අය පළමුවෙන්ම කළේ ආණ්ඩුවේ තනතුරු ටික ගන්න එක. අපි අදටත් අපේ පක්ෂයේ හිතවතුන්, ඥාතීන් ආණ්ඩුවේ තනතුරුවලට ගත්තේ නැහැ. දේශපාලන අරමුණු වෙනුවෙන් කැපවෙන පිරිසක් තවමත් ඉන්නනවා. මීට කලින් එවැනි දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබුණේ නැහැ. තනතුරු නැතිව පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන මිනිසුන් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් පළමු වැනි වතාවට හදා තිබෙනවා. අපේ පූර්ණ කාලීනව වැඩකරන සහෝදරවරු එදා වගේම තවමත් වැඩ කරමින් ඉන්නවා. අපේ කිසිම ඇමතිවරයෙක්, මන්තී‍්‍රවරයෙක් පගා ඉල්ලන්නේ නැහැ. ඒ නිසා ක‍්‍රමයෙන් පහළ දක්වා පගා නොඉල්ලන පිරිසක් බිහිවෙලා තිබෙනවා. ඒ නිසා සමහර වැඩ කරගැනීමට යාමේදී පහළින් වැඩ හෙමින් සිදුවෙමින් තිබෙනවා. එයට විසඳුම් අපි ගේනවා.
සියලුම මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද අහෝසි කරන පනතක් ගෙනත් තිබෙනවා. පසුගිය කාලයේ සිටි සියලුම මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසි වෙනවා. අපේ මන්තී‍්‍රවරුන්ගේත් අහෝසි වෙනවා. රජයේ වියදම් අපි අඩුකර තිබෙනවා. අනුර සහෝදරයා ජනාධිපති මන්දිර එකක් වත් පාවිච්චි කරන්නේ නැහැ. මහනුවර මන්දිරය මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම මත තියා ගන්න සිදුවුණා. ජනාධිපතිවරයාගේ වියදම් කලින් ජනාධිපතිවරයාගේ වියදම්වලට සාපේක්ෂව 58%කින් අඩුකර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහගේ කාර්ය මණ්ඩලයේ සිටියා 1,251ක්. අපි ඒක 803 දක්වා අඩු කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහට උපදේශකයන් 39ක් සිටියා. අනුර සහෝදරයාට උපදේශකයන් පස්දෙනයි ඉන්නේ. ඒ පස්දෙනාම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. රනිල් වික‍්‍රමසිංහ හිටපු කාලය තුළ විදෙස් සංචාර 24ක් ගිහින් තිබෙනවා. ඒ ගමන්වලදී පිරිස 385 දෙනෙක් රැගෙන ගොස් තිබෙනවා. රුපියල් මිලියන 1,008ක් වියදම් කොට තිබෙනවා. අනුර සහෝදරයා විදෙස් සංචාර 08ක් ගොස් තිබෙනවා. වියදම රුපියල් මිලියන 15යි. මේ විදිහට අපි දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් සිදුකොට තිබෙනවා. දේශපාලනඥයන් ස්වේච්ඡාවෙන් වැඩ කළ යුතු තැනට ගෙනැවිත් තිබෙනවා.
අපි අයවැයෙන් තීන්දුවක් ගත්තා, වාහන පර්මිට් දෙන්නේ නැති බවට. ඒක අපේ මැතිවරණ පොරොන්දුවක්. මුල් වකවානුවේ සිදුවුණේ පාර්ලිමේන්තුවෙන් මන්තී‍්‍රවරුන්ට බදු රහිතව වාහනයක් ගෙනත් දෙනවා. එහි වටිනාකම මන්තී‍්‍රවරයාගේ වැටුපෙන් කපා ගන්නවා. මහින්ද රාජපක්ෂලාගේ කාලයේදී මන්තී‍්‍රවරුන්ට බදු රහිත වාහනයක් ගැනීමට පර්මිට් එකක් දුන්නා. මන්තී‍්‍රවරු ඒ දෙන පර්මිට් එක ලක්ෂ 100කට වැඩි ගණනකට විකුණා ගත්තා. ඒක නැති නිසා දැන් පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. රජයේ අවශ්‍යතාවන්ට අපි වාහන ගේනවා. අපේ රටේ දේශපාලනය, දේශපාලනයේ වටිනාකම, දේශපාලනය පිළිබඳ ජනතාවගේ හැඟීම්, මැනීම් වෙනස් වෙලා තිබෙන්නේ. දේශපාලන සංස්කෘතිය හොඳ පැත්තට වෙනස් කළාට පස්සේ ඒකට ආපස්සට අදින්න ජනතාව සූදානම් නැහැ. පාර්ලිමේන්තු කතා තුළින් ආණ්ඩු පෙරළන්න බැහැ.
අපේ රටේ කඳුකරයේ ජීවත් වෙන ජනතාව අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළේ. අවුරුදු 200ක් ඒ ජනතාව මිනිස්සු වගේ ජීවත් වුණේ නැහැ. ඉන්න තැනක්, හරිහමන් කෑම වේලක්, අධ්‍යාපනයක්, පිළිගැනීමක් තිබුණේ නැහැ. අපේ රටට විදේශ විනිමය ගෙනාව ඒ අයට වැටුප් වැඩිකිරීමේ උවමනාවක් තියෙනවා. වතු හිමියන්ගේ කැමැත්ත පරිදි මුදලක් සමග රජයෙන් රුපියල් 200ක් දෙන්න තීරණ කළා. විපක්ෂය, බදු ගහලා එකතු කරන සල්ලි දෙන්න එපා කියමින් විරුද්ධ වුණා.
අපට දැන් තිබෙන්නේ ආර්ථිකය වර්ධනය කර ගන්න. ඒ සඳහා විදෙස් ආයෝජන කැඳවා ගන්න ඕනෑ. ජපානය සූදානම් එයාලා නතර කරපු ආයෝජන ලබා දෙන්න. ජර්මනිය, බි‍්‍රතාන්‍ය ආයෝජන ගේන්න කැමැත්ත දක්වලා තිබෙනවා. අපි සොරකම් කරන්නේ නැහැ කියන විශ්වාසය නිසා. චීනය සමග එකඟ වුණු බිලියන 03ක තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගිවිසුම ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථික ශක්තිය දියුණු කර ගන්න පුළුවන්කම ලැබෙනවා.
“ක්ලීන් ශී‍්‍ර ලංකා” වැඩ සටහන ලබන වසරේ ශක්තිමත්ව කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ග‍්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් වූ ”ප‍්‍රජා ශක්ති” කි‍්‍රයාවට නගන්න අවශ්‍ය කමිටු හැදීම අවසන් කරමින් ඉන්නවා. ඒ කමිටු ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා. මේ කමිටු හරහා වසමක ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් සංවර්ධනය කර ගැනීමට බලය ගමට ලබා දෙනවා. ගමේ සංවර්ධනය සඳහා තීන්දු ගැනීමේ වගකීම ගමට දී තිබෙන්නේ. මේ වෙනුවෙන් එක දිස්ති‍්‍රක්කයකට රුපියල් කෝටි 100 බැගින් වෙන්කර තිබෙනවා. මෙහි සමාජීය පැත්තක්ද තිබෙනවා. තරුණ අය සඳහා විකල්පයක්, නැතිනම් කි‍්‍රයාකාරකමක් අපි ගම තුළ හදන්න ඕනෑ. ගමට කී‍්‍රඩා කිරීමට තැනක්, ප‍්‍රජා ශාලාවක්, සාමූහිකත්වයෙන් වැඩ කිරීමක් මේ ”ප‍්‍රජා ශක්ති” තුළින් ඇති වෙනවා. ගමක් ආර්ථික පැත්තෙන් පමණක් නොවෙයි, සමාජීය පැත්තෙනුත් ඉහළට ගැනීමක් කරන්න ඕනෑ.
අපේ ලොකු ව්‍යාපෘතියක් මත්ද්‍රව්‍ය තුරන් කිරීම. මත්ද්‍රව්‍ය ගේන, විකුණන අයට ඉවත් වෙනු, කියා තිබෙනවා. නැතිනම් අපි ඉවත් කරනවා. පොලිසිය කෙරෙහි සමාජයේ තිබූ ස්ථාවරය අපි වෙනස් කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේදී පොලිසිය ඉහළ මට්ටමේ ලොකු උනන්දුවකින් ඒ සඳහා මැදිහත්වීමක් කරමින් තිබෙනවා. මත් ද්‍රව්‍ය ගේන එක නතර කරනවා වගේම ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම කරනවා. ඒක විශාල කාර්යභාරයක්. සෑම දිස්ති‍්‍රක්කයකම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හදනවා. ඒ අය පුනරුත්ථාපනය කරන අතර තුර, වෘත්තීය පුහුණුවක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයෙන් මත්ද්‍රව්‍යවලින් පුනරුත්ථාපනය වෙන අයටත් රැකියාවක් ලබාදෙන්න ඉඩකඩ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන් කි‍්‍රයාත්මක වෙන කොට සමාජය තුළ විශාල වෙනසක් සිදුවෙන්න පටන් ගනීවි කියා අපි විශ්වාස කරනවා. අපේ රටේ මත්ද්‍රව්‍ය ව්‍යසනය ඉතාම බරපතළයි. රටම එකට එකතු කරන ලොකු ව්‍යාපෘතියක් තමයි මේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම.
සෝෂල් මීඩියාවලින් දේශපාලනය තේරුම් ගැනීමට නොහැකියි. බොහෝ තොරතුරු බොරු තොරතුරු. ්ෂ තාක්ෂණයෙන් නව පණ ගැන්වීම් කරනවා. පැරණි තොරතුරු සමාජගත කිරීමට උත්සාහ ගන්නවා. ඒ නිසා ඇත්ත, බොරුව තේරුම් ගැනීමට බැහැ. සෝෂල් මීඩියාවලින්. නිගමනයන්ට යන්න එපා. ඇත්තටම සිදුවුණේ කුමක්ද යන්න සොයා බැලිය යුතුයි. ප‍්‍රවෘත්තිය කිව්වේ කවුද කියා සොයන්න බැරි නිසා කිසිදු සම්බන්ධයක් නැති බොරු කියනවා. ඒ නිසා ඒ තුළින් අවසන් නිගමනයකට එන්න එපා.
විශාල කැපකිරීම් කරලා, ලොකු දේශපාලන ගමනක් අපි ආවා. අද මහජන ඡුන්දෙන් වාමාංශික, ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් හදල තියෙනවා. ඒක තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක්. ඒ බලය පාවිච්චි කරමින් මේ රට වෙනස් කරමින් අලුත් සමාජයක් නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපිට විවිධ බාධක මතුවෙන්න පුළුවන්. ඒ බාධක දුෂ්කරතා හඳුනාගනිමින් අපේ කාර්යය අවසන් කිරීම දක්වා ඉදිරියට යා යුතුයි. ඒ සඳහා එකමුතුකම, විශ්වාසය, ධෛර්යය, සංයමය අවශ්‍යයි. අපි කලබල වුවහොත් අපේ කාර්යය ඉටුකර ගැනීමට බාධා වෙනනවා. අපි වැරැද්දක් කරන්නේ නැහැයි කියන විශ්වාසය අපි ළඟ තිබෙනවා. හොඳ අරමුණකින් වැඩ කරනවා. මහන්සි වෙනවා. දැඩි අධිෂ්ඨානයක්, ශක්තිය, ධෛර්යය තිබෙනවා, කුමන අභියෝග ආවත්, කුමන බාධා ආවත් ජයග‍්‍රහණය තෙක් නොසැලී ඉන්න බවට විශ්වාසය අපිට තිබෙනවා.
අපි කිසිවෙක් පෞද්ගලික යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අසීරු අවස්ථාවේ බිඳ වැටුණු පක්ෂයක් ජයග‍්‍රහණය කරා ගෙනාවා නම්, මේක වෙනස් කිරීමේ කාර්යය අමාරු වෙන්නේ නැහැ. අපි හැමෝම මේ ජයග‍්‍රහණය ආරක්ෂා කරලා, සංයමයෙන් යුතුව නව සමාජය නිර්මාණය කිරීමේ කාර්යයට මැදිහත් වෙමු. අලුත් රටක් එක රැයකින් ගොඩනැගෙන්නේ නැහැ. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. ලෝකයේ ඕනෑම රටක් දියුණුව කරා යන්න යම් කාල පරිච්ඡේදයක්, පසුකරන්න ඕනෑ. චීනය අවුරුදු 40ක විතර ගමනක් ඇවිත් ඉතා දියුණු තැනකට ඇවිත් තිබෙනවා. වියට් නාමය 1975න් පසුව දියුණු වෙමින් ආ රටක්. මේ තත්වය තේරුම් ගනිමින්, හැමෝම මේ ජයග‍්‍රහණය ආරක්ෂා කරලා, අලුත් සමාජයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලනවා.”














