රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ.
එම කණ්ඩායම් දෙක අතර සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා පවත්වමින් තිබිය දී රනිල් වික්‍රමසිංහ ඍජුව ම නාමල් රාජපක්ෂ සමඟ පොදු විපක්ෂය නමින් සන්ධානයක් පිහිටුවා ගනු ලැබීය. එලෙස පිහිටුවා ගත් පොදු විපක්ෂය පසුගිය 21 වෙනි දින නුගේගොඩ පවත්වන ලද රැළිය සියළුම අංශවලින් අසාර්ථක බව විචාරකයන් කරුණු සහිතව පෙන්වා දී තිබෙන පසුබිමක රනිල් ඉදිරියේ සජිත් දණ ගැසීම විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ නායක මට්ටමේ සාකච්ඡා කඩිනමින් පැවැත්වෙන බව රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර ඇත. ඊයේ (23) සමගි ජන බලවේගයේ නව ආසන සංවිධායකවරු පත් කිරීම සිදු කළ පසුව රංජිත් මද්දුමබණ්ඩාර දෙපාර්ශවයේ නායක මට්ටමේ සාකච්ඡා පිළිබඳව මුල් වරට හෙළි කර තිබේ.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර පැවති බල අරගලය මුල් කර ගෙන එක්සත් ජාතික පක්ෂය බිඳී ගොස් සමගි ජන බලවේගය සාදා ගනු ලැබීය.










