හනුමන්තලාගේ අලුත්ම කණ්ඩායම පරාදයි

හනුමන්තලාගේ අලුත්ම කණ්ඩායම පරාදයි

ආසන්න සිදුවීම් නිර්මාණය කරමින් අන්තවාදී ක්‍රියාවලට සැලසුම් සහගතව ප්‍රවේශ වීමේ කණ්ඩායම් පුළුල් ලෙස හඳුනා ගෙන ඇති බවත්, සිදුවීම් ඔස්සේ නොසන්සුන්තා ඇති කිරීමට සැලසුම් කරන පිරිස් හඳුනාගෙන ඇති බවත් ආරක්ෂක අංශවලින් තහවුරු කර තිබේ.

පුරා විද්‍යා ස්ථාන සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් සවි කර තිබූ නාම පුවරු හිතුමතේ ඉවත් කිරීම මුල් කර ගනිමින් අන්තවාදී කණ්ඩායම් විවිධ ප්‍රචාර ගෙන යාමට උත්සාහ දැරීය. මේ සම්බන්ධයෙන් ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඊයේ (23) සවස විශේෂ ප්‍රකාශයක් කර තිබිණි.

එම ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙන්නේ “මඩකලපුවේ මේ නාම පුවරු ඉවත් කරන්න මිනිස්සුන්ට කිසිම වුවමනාවක් නැහැ. ඉතා පැහැදිලියි මේක දේශපාලන වුවමනාවක්. අදාළ අයට නීතිය තදින් ක්‍රියාත්මක වෙයි” යනුවෙනි. එම සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝ දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්