කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මෙරටට පැමිණ ඇත්තේ අබුඩාබි සිට බව සඳහන් වේ.
ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබු මත්ද්‍රව්‍යවල වීථි වටිනාකම රුපියල් මිලියන 250ක් බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.
133










