නවීන සැලසුමකට අනූව අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් රුපියල් මිලියන 129ක වියදමින් ඉදිකිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් අද (23) දඹුල්ලේදී මුල්ගල් තබනු ලැබීය.
එහි ඉදිකිරීම් මාස 09ක් තුළ අවසන් කිරීමට නියමිතය.
මෙහි දී පැවැති උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ තැපැල් දෙපාර්තමේන්තුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අමතරව රටේ කේන්ද්‍රිය ස්ථානවල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම ආරමිභ කරන මධ්‍යස්ථානය රුපියල් මිලියන 129ක වියදමකින් ඉදිකෙරෙන දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය බවත් මෙය ජාතික මට්ටමින් වැදගත් අවස්ථාවක් වන බවත්ය.
මෙම ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාක්මක බවත් මෙතැන් සිට මහනුවර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදි විශාල ප්‍රදේශයක තැපැල් භාණ්ඩ හුවමාරුව සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වන බවද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ බර අඩු කරමින් ප්‍රාදේශීයව බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකි බවද පැවසීය.
අද වනවිට 4,000කට අධික තැපැල් මධ්‍යස්ථාන ප්‍රමාණයකින් යුත් තැපැල් තැපැල් දෙපාර්තමෙන්තුව රටේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ ආයතනවලට වඩා රට පුරා විහිදුණු විධිමත් ජාලයක් සහිත ශක්තිමත් සේවාවක් බවද පසුගිය සමයේ ලෝකය සමඟ ගමන් කිරීමට සැලසුමක් නොතිබූ බැවින් තැපෑල ජනතාවගෙන් ඈත්ළවීමට ලක් වු බව ඇමති මෙහිදී අවධාරණය කරන ලදි.
ගත වු මාස 09ට පමණක් මෙරට පුද්ගලයින් ලක්ෂ 49කට රුපියල් කෝටි 1,800ක ප්‍රතිලාභ සේවා ලබා දී ඇති බවත්, තැපැල් සේවාවට 2000 බඳවා ගැනීමට, උසස්වීම් ලබාදීමට, ස්ථිර කිරීමට කටයුතු කර ඇති බව ද ආදේශකයින් 1,000ක් බඳවා ගැනීමට කටයුතු සිදු කෙරෙන බවද, වාහන ලබාදීමට ප්‍රසම්පාදන කටයුතු සිදුවන බව ද, තැපෑලට නිසි වටිනාකම ලබාදෙමින්, ශක්තිමත් කරමින් පැය 48 තුළ දිවයිනේ ඕනෑම ස්ථානයකට පාර්සල් ප්‍රවාහණයට ඉදිරියේ දී කටයුතූ කරන බවද ඔහු මෙහි දී අවධාරණය කරන ලදි.
දිවයින පුරා තැපැල් කාර්යාල 227 නවීකරණය කරමින් ඒ වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන දෙසැම්බර් වනවිට වියදම් කර අවසන් කරන බවද උප තැපැල් කාර්යාල හා තැපැල් කාර්යාල 14ක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින බවද පැවසීය.
මෙම සියලු කටයුතු තුළින් තැපෑල මහජන විශ්වාසය උපරිම දිනාගත් කාර්යක්ෂම සේවාවක් බවට පත් කළ හැකි වනු ඇති බවද වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
එකවර අවම වශයෙන් ලොරි රථ 03ක් ඇතුළු කිරීමට හැකිවන පරිදි සහ එකවර තැපැල් වෑන් රථ 02ක් ඇතුළු කිරීමට හැකිවන පරිදි සහ වාහන ඇතුල් වන දෙසින් තවත් ලොරි රථ 03ක් සහ වෑන් රථ 03ක් පමණ නවතා තැබීමේ පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම මෙම කාර්යයන් අධීක්ෂණය කිරීමද, ලිපි ලේඛණ වල රාජකාරී ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන අතර ඒ සඳහා නව ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ කාර්යාල පරිශ්‍රයක් ඉදිකිරීමටද නියමිතය. මෙම කාර්යයන් පැය 24 පුරා සිදුවන බැවින් එම රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලයට විවේක කාමරද මෙහි ස්ථාපිත වේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කොළඹ ප්‍රධාන මධ්‍යම තැපැල් හුවමාරුව රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව, ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන එමින් සහ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය සේවාවක් සපයන ස්ථානයක් බවට පත් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් විශේෂ සැලැස්මකට අනූව විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පිරිදි ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ මෙම නව දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදි වේ.
කොළඹ සිට දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරුව වෙත තැපැල් භාණ්ඩ රැගෙන යාම හා එහි සිට යාපනය, පොළොන්නරුව හා මඩකලපුව වෙත අදාල තැපැල් භාණ්ඩ රැගෙන යන තෙක් දඹුල්ල හුවමරු මධ්‍යස්ථානය වෙත ගොඩ බෑම හා තාවකාලිකව ගබඩා කිරීම මෙන්ම ඉන් අනතුරුව දඹුල්ල හුවමාරු මධ්‍යස්ථනය සිට අනෙකුත් ගමනාන්ත කාර්යාල එනම් යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මහනුවර වෙත රැගෙන යාමද මෙමගින් සිදුකරනු ලබයි.
එසේම යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මහනුවර සිට රැගෙන එන තැපැල් භාණ්ඩ දඹුල්ල අන්තර් තැපැල් හුවමාරු ස්ථානය (MailHub) වෙත ගොඩ බෑම හා තාවකාලිකව ගබඩා කිරීම සහ නැවත කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙන ඒමද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන කාර්යන් වේ.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කර ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙරට ජනතාවට නිහඩ අනුපමේය සේවයක් සිඳුකරනු ලබයි.














