තමන්ගේ නීති උපාධිය 21 නුගේගොඩ රැලියේදී පෙන්වන්නම් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම රැලියට පෙර දිනවල ප්‍රකාශ කර තිබුණද නුගේගොඩ රැලියේදී ඒ පිළිබඳව කිසිවක ප්‍රකාශ නොකිරීමට ඔහු වගබලාගෙන තිබිණි.
විටින් විට මතුවන මෙම ප්‍රශ්න සහගත කාරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට නීති විද්‍යාලයේදී විශේෂ සැලකිලි ලැබුණු බවත්, පෞද්ගලික කාමරයකට වී එම විභාගයට ඔහු පෙනී සිටි බවත් විවිධ චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, මේ වන විට නවතම සොයා බැලීමකින් හෙළිව ඇත්තේ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවම සුදුසුකම්වත් ඔහු සපුරා තිබී නැති බවය.
ඒ අනුව පසුගියදා පාර්ලිමේන්තුවේදීද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස පැවසුවේ වහාම මෙහි සත්‍ය අසත්‍ය බව ගැන ප්‍රකාශ විය යුතු බවය.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබුණේ 21 විපක්ෂයේ රැළියේදී ඒ ගැන පැහැදිලි කරන බවය.
ආණ්ඩුව බලයට පත් වී සති කිහිපයක් තුළ අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තම උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අනුමැතිය ලබාගෙන ඇති නමුත් මෙතෙක් අධිකරණයට කිසිවක් වාර්තා කර නැති බවත්, වෙබ් අඩවිවලින් මඩ ප්‍රචාරය කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.
එහෙත් ඊයේ දිනයේදී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකරණ ලදී.










