බැංකු කාඩ්පත් භාවිතයෙන් මගී බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.
ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන මෙහෙයවනවා.
බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බවත්, එයට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වාදෙන බවත්, බස් රථවල මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත්, මේ හේතුව නිසා බස් රථ ප්‍රවේශපත්‍ර ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසට විශාල ඉල්ලීමක් ලැබුණු බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක පවසා තිබිණි.