“මහා ජන හඬ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ ප්‍රමුඛ “සුන්බුන් විපක්ෂය” නුගේගොඩ පැවැත්වූ රැළිය සම්බන්ධ වැරදි අර්ථකථන දීමට ඇතැම් පිරිසක් උත්සාහ කරති.
එම අර්ථකථන සඳහා පදනම් කර ගෙන ඇත්තේ එයට සහභාගී වූ පිරිස සම්බන්ධයෙනි. එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම සුන්බුන් විපක්ෂයේ අදාළ කොටස ඡන්ද ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන තිබිණි. එම ඡන්ද බෙදී ගොස් තිබුණේ නාමල්ගේ පොහොට්ටු පක්ෂයට 3540429ක්, සිලින්ඩරයට 500,835ක්, පදක්කමට 178,006ක් සහ අලියාට 66,234ක් වශයෙනි. මේ අනුව එම පක්ෂ 4 පමණක් ඡන්ද 1,095,304ක් ලබා ගෙන තිබිණි. ඊට අමතරව, සජිත් ප්‍රේමදාසගේ පක්ෂය ඇතුළු පක්ෂවල පිරිසක් රැළියට ආශීර්වාද කිරීම සඳහා ද සහභාගී වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබීය. එම සියලු සුන්බුන් එකතු වී පවත්වන ලද රැස්වීමේ කූටප්‍රාප්තිය ඩ්‍රෝන යානාවල වීඩියෝවලින් දැක්වේ. මධ්‍යස්ථ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රැළියට සහභාගී වී සිටි මුළු පිරිස 10,000ක සීමාවේ පැවති බව ය.
ඉහත දැක්වූ සුන්බුන් පක්ෂ 4හි හි එකතුව ලබා ගත් ඡන්ද ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 1%ක් පමණ ආසන්න වශයෙන් ගෙන්වා ගෙන තිබිණි.










