වැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඔහු එලෙද දිවුරුම් දුන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙනි.

ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නැවත මෙරටට පැමිණෙන තුරු එම ධුරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලනු ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Facebook
Twitter
LinkedIn