ජනපති 2026 අයවැය ඉදිරිපත් කරයි

ජනපති 2026 අයවැය ඉදිරිපත් කරයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් මේ වනවිට 2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති පවසා සිටියේ, 2030 වනවිට ණයබරතාව 87%ක් දක්වා ගෙන ඒමට අපේක්ෂා කරන බවය.

විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණු බවද පැවසු ජනාධිපති, ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව මේ වනවිට ඉහළට පැමිණ ඇතැයිද පැවසීය.

විදේශ සංචිත මේ වසර අවසන් වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 07කට ගෙන ඒමට අපේක්ෂිත බවද ජනාධිපති මෙහිදී කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය ආදායම 16%ක මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසු ජනාධිපති, ගෝලීය කම්පන මැද පවා විදේශ සංචිත ශක්තිමත් කළ බව පැවසීය.

Facebook
Twitter
LinkedIn