සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි අනාවරණය කරයි.

ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 05 දක්වා සමස්ත සංචාරකයින් දහනවලක්ෂ විසිතුන්දහස් පන්සිය දෙකක් (1,923,502) මෙරටට පැමිණ තිබේ.

ඒ අතරින් සංචාරකයින් හාරලක්ෂ තිස් එක්දහස් දෙසිය තිස්පහක් (431,235) ඉන්දියාවෙන්ද එක්ලක්ෂ හැත්තෑ හත්දහස් එකසිය හැට හතක් (177,167) එක්සත් රාජධානියෙන්ද එක්ලක්ෂ තිස්අටදහස් හැට එකක් (138,061) රුසියාවෙන්ද, එක්ලක්ෂ දහනවදහස් හාරසිය පහලොවක් (119,415) ජර්මනියෙන්ද එක්ලක්ෂ දහතුන්දහස් හයසිය දහනවයක් (113,619) චීනයෙන්ද පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙහිදී නොවැම්බර් මාසයේ 01 වනදා සිට 05 වනදා දක්වා කාලය තුළදී විදෙස් සංචාරකයින් සංඛ්‍යාව තිස්දෙදහස් අටසිය පහලොවක් (32,815) මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn